අත්පත් කරගත් බටහිර තීරයේ (West Bank) බෙයිට් ෆුරික් (Beit Furik) නගරයේ පලස්තීන කෘෂිකාර්මික ඉඩම්වල හටගත් ගින්නක් නිවා දැමීමට උත්සාහ කළ පලස්තීන තරුණයන් දෙදෙනෙකු ඊශ්‍රායල හමුදා එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊශ්‍රායල පදිංචිකරුවන් (settlers) විසින් මෙම ඉඩම්වලට ගිනි තබා ඇති අතර, එම ගින්න නිවා දැමීමට ගිය ප්‍රදේශවාසීන්ට ඊශ්‍රායල හමුදාව සහ පදිංචිකරුවන් එක්ව ප්‍රහාර එල්ල කර ඇත. මෙම සිදුවීමෙන් තවත් පලස්තීනුවන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර, මියගිය තරුණයන්ගේ සිරුරු භාරදීම ද ඊශ්‍රායල බලධාරීන් විසින් අත්හිටුවා ඇත.
මේ අතර, ජෙරුසලමේ පිහිටි අල්-අක්සා (Al-Aqsa) පූජනීය භූමිය වෙත ද ඊශ්‍රායල අන්තවාදීන් සහ අමාත්‍ය ඉටමාර් බෙන්-ග්‍රීර් (Itamar Ben-Gvir) ඇතුළු පිරිසක් අනිසි ලෙස ඇතුළු වී ආගමික වතාවත්වල නිරත වීමත් සමඟ කලාපයේ උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Al Jazeera ඇසුරින්
















