චීන ජනාධිපති ෂී ජින්පින් (Xi Jinping) එළඹෙන සැප්තැම්බර් 24 වනදා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
මෙම සංචාරයේදී කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence – AI) ඇතුළු වැදගත් ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් නායකයන් දෙපළ අතර විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙම වසර මුලදී ජනාධිපති ට්‍රම්ප් චීනයේ නිරත වූ සංචාරය අතරතුරදී ජනාධිපති ෂී ජින්පින් වෙත කළ ආරාධනාවකට අනුව මෙම සංචාරය සිදුවේ.
මෙම සංචාරය සාර්ථක කරගැනීම සහ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) සහ චීන විදේශ අමාත්‍ය වං යී (Wang Yi) අතර ද මීට පෙර සාකච්ඡා පවත්වා තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















