ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් විස්සයි20 තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබේ. මෙම සංචිතය ෂායි හෝප් (Shai Hope) ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වේ.
ICC පිරිමි T20 ලෝක කුසලානයෙන් පසු කොදෙව් කණ්ඩායමේ සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති අතර, ජොන්සන් චාල්ස්, ක්වෙන්ටින් සැම්ප්සන් සහ ජේඩන් සීල්ස් සංචිතයෙන් ඉවත් කර ඇත. ඒ වෙනුවට ඇකීම් ඔගස්ටේ, ජුවල් ඇන්ඩෲ සහ ෂමර් ස්ප්‍රින්ගර් නැවත වරක් කණ්ඩායමට කැඳවා තිබේ.
බටහිර ඉන්දීය කොදෙව් සංචිතය:
ෂායි හෝප් (නායක), ජුවෙල් ඇන්ඩෲ, අකීම් ඔගස්ටේ, රොස්ටන් චේස්, මැතිව් ෆෝඩ්, ෂිම්රන් හෙට්මයර්, ජේසන් හෝල්ඩර්, අකීල් හොසේන්, ෂමාර් ජෝසප්, බ්‍රැන්ඩන් කින්ග්, ගුඩකේෂ් මෝටි, රොව්මන් පවෙල්, ෂර්ෆේන් රදර්ෆර්ඩ්, රොමාරියෝ ෂෙපර්ඩ් සහ ෂමාර් ස්ප්‍රින්ගර්.
තරග කාලසටහන (ජැමෙයිකාවේ සබීනා පාක් ක්‍රීඩාංගණයේදී):
1 වන T20 තරගය – ජුනි 11
2 වන T20 තරගය – ජුනි 13
3 වන T20 තරගය – ජුනි 14
















