• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්ධන නොමැති නිසා බස්නාහිර සහ නගර ආශ්‍රීත පාසල් නොපැවැත්වේ – අධ්‍යාපන අමාත්‍යංශය

26 June 2022
in දේශීය

බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් 2022 ජුනි 27 සිට ජුලි 01 දක්වා සතිය තුල පසුගිය සතියේ මෙන් පාසල් නොපැවැත්වීමට තීරණය කල බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් 2022 ජුනි 27 දිනෙන් ආරම්භ වන සතිය තුළ දිවයිනේ ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදු කිරීමට නොහැකි බවට දන්වා ඇති බැවින් 2022 ජුනි 27 සිට ජුලි 01 දක්වා සතිය තුල පාසල් පවත්වාගෙන යාම පිළිබදව යම් ගැටලුකාරි තත්වයක් පවතින බවයි.

එමෙන්ම 2022 ජුනි 27 සිට ජූලි 01 දක්වා වන සතිය තුල පසු ගිය සතියේ ග්‍රාමීය පාසල් පැවැත් වූ ආකාරයටම සිසුනට සහ ගුරුවරුන්ට ප්‍රවාහන අපහසුතාවයක් නොපවතින්නේ නම්, අඟහරුවාදා බදාදා සහ බ්‍රහස්පතින්දා දිනයන් හි පාසල් පැවැත්වීමට කටයුතු කරන ලෙස දැනුම් දෙනු ලැබේ. එමෙන්ම ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මෙම දිනයන්හි පාසලට නොපැමිණෙන ගුරුවරුන් සඳහා පෞද්ගලික නිවාඩු ලෙස සටහන් නොකරන ලෙස ද මේ වන විටත් දැනුම් දී ඇත.

එහෙත් එම සතිය තුළ පාසල් පවත්වාගෙන යාම පිළිබඳ යම් ගැටලුකාරි තත්වයක් පවතින්නේ නම් පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් පළාතේ ගරු ආණ්ඩුකාරවරුන් දැනුවත් කර එම තීරණයට අනුව කටයුතු කරන ලෙස දැනුම් දෙනු ලැබේ.

2022 ජුනි 27 දිනෙන් ආරම්භ වන සතිය තුළ අ.පො.ස උසස් පෙළ සඳහා වාර පරීක්ෂණ පැවැත්වීමට සූදානම් කර ඇත්නම් එම වාර පරීක්ෂණ සති දෙකකින් පසු පැවැත්වීමට කටයුතු කරන ලෙස ද දන්වනු ලැබේ.

 

Post Views: 37
Previous Post

මාතලේ පොහොර සියයට සියක් බෙදා අවසන් බව දිසාපති කියයි

Next Post

අපේ රට ඇමෙරිකාවට සහ ඉන්දියාවට ගිල ගැනීමට ඉඩ දී ආණ්ඩුව බලා සිටිනවා – මන්ත්‍රී මුසම්මිල්

editor

editor

Next Post

අපේ රට ඇමෙරිකාවට සහ ඉන්දියාවට ගිල ගැනීමට ඉඩ දී ආණ්ඩුව බලා සිටිනවා - මන්ත්‍රී මුසම්මිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved