27 April 2024
#දේශීය

තිරිඟුපිටි ආනයනය බලපත්‍ර ක්‍රමය අහෝසි කෙරේ – රාජ්‍ය අමාත්‍ය රංජිත්

තිරිඟුපිටි ආනයනය ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සඳහා අවශ්‍යව තිබූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ තිරිඟුපිටි ආනයනයේදී පනවා තිබූ බදු මුදලද කිලෝවකට රු.16 සිට රු.27 දක්වාත් , තිරිඟු ඇට සඳහා රු.6 ක බද්දකුත් පැනවීමට කටයුතු තළ බවයි.

මේ හේතුවෙන් තිරිඟුපිටි මිල ඉහල යාමක් සිදු නොවන බවත් ආනයන පාලනයක් ඇති කිරීම පමණක් මෙමගින් අපේක්ෂා කරන බව හෙතෙම පැවසුවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *