27 April 2024
#දේශීය

IMF නියෝජිතයින් විපක්ෂනායක සජිත් හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා ප්‍රමුඛ එහි නියෝජිත පිරිසක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්විණ.

එහිදී රටේ උද්ගතව පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් විපක්ෂ නායකවරයා පැහැදිලි කළ අතර විශේෂයෙන්ම රටේ බිඳවැටී ඇති විවිධ ක්ෂේත්‍ර පිළිබඳව ද නියෝජිත පිරිසගේ අවධානය යොමු කරවීය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින්නේ අසීරු තත්ත්වයකට බව පැවසූ ඒ මහතා මේ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට ගොඩ ඒම පිණිස සහාය වන ලෙසද අදාළ නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේය.

නිවරදි මූල්‍ය කළමනාකරණය උදෙසා රජයට අවශ්‍ය කරන බලපෑම සිදු කරන ලෙස ඉල්ලා සිටි හෙතෙම  විශේෂයෙන්ම ආදායම් බදු ඉහල දමා තිබීම හේතුකොටගෙන රටේ ජනතාව දැරිය නොහැකි පීඩනයකින් සහ අසීරුතාවයකින් ජීවත්වන බවද සිහිපත් කළේය.

බිඳ වැටී තිබෙන ක්ෂේත්‍ර පිළිබඳව එකින් එක පැහැදිලි කළ විපක්ෂ නායකවරයා මේ තත්ත්වයෙන් ගොඩ ඒම උදෙසා ශ්‍රී ලංකාවට කාලය අවශ්‍ය බවද පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *