ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් අප්‍රිකාවේ ව්‍යාප්ත වන ඉබෝලා රෝගී තත්ත්වය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් (PHEIC) ලෙස ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක, ඉන්දියාවේ බැංගලෝර් නුවරින් සැකකටයුතු ඉබෝලා රෝගියෙකු වාර්තා වීමත් සමඟ දකුණු ආසියාතික කලාපය පුරා දැඩි සෞඛ්‍ය අවධානයක් යොමුව තිබේ.
උගන්ඩාවේ සිට අහමදාබාද් හරහා බැංගලෝරය වෙත පැමිණි 28 හැවිරිදි උගන්ඩා ජාතික කාන්තාවක ශරීරයේ පවතින සුළු වේදනාවක් හේතුවෙන් මේ වන විට බැංගලෝරයේ රජයේ බෝවන රෝග රෝහලේ (EDH) දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක් කර ඇත. ඇයගේ ජෛව සාම්පල පූනේ හි පිහිටි ජාතික වෛරස් විද්‍යායතනය (NIV) වෙත යවා ඇති අතර, එහි අවසාන විද්‍යාත්මක වාර්තා ඉදිරි දිනකදී නිකුත් වීමට නියමිතය. දැනට ඉන්දියාව තුළ කිසිදු ස්ථිර ඉබෝලා රෝගියෙකු වාර්තා වී නොමැති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.
මෙම සෞඛ්‍ය අවදානම හේතුවෙන් නව දිල්ලියේ පැවැත්වීමට තිබූ 4 වන ‘ඉන්දියා-අප්‍රිකා සංසද සමුළුව’ (IAFS IV) දින නියමයකින් තොරව කල් දැමීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත. දැනට අප්‍රිකාවේ ව්‍යාප්ත වන Bundibugyo නමැති අතිශය මාරාන්තික වෛරස් ප්‍රභේදය සඳහා මෙතෙක් නිල වශයෙන් අනුමත එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් ද තම දේශසීමා සහ ගුවන් තොටුපළ නිරීක්ෂණ මට්ටම් වහාම ඉහළ නැංවිය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
















