27 April 2024
#දේශීය

ගිනිතිබ්බ ඩිපෙන්ඩරය පදවා ඇත්තේ කවුදැයි හෙලිවෙයි – පොලිසි

කුලියාපිටිය, මාදම්පේ මාර්ගයේ ඊයේ (01) පස්වරුවේදී යතුරුපැදියක් හා ඩිපෙන්ඩර් රථයක් ගැටී අයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම අනතුර සිදු වු අවස්ථාවෙදී එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් හා මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් ඩිපෙන්ඩර් රථය පැදවුයේ එහි හිමිකරුගේ බාල වයස්කාර දරුවා බවට ප්‍රකාශයක් කර ඇත. 

ඒ පිළිබඳ විමර්ශනය කල පොලිසිය එම රථය පදවා ඇත්තේ දරුවාගේ පියා බවට අනාවරණ කරගෙන ඇතත අත්අඩංගුවට ගත් රියදුරු අද (2) දින කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇති අතර අගතියට පත් පාර්ශවයට රුපියල් 50000 ක් ගෙවිමට නියෝග කර ඇත.

ලබන 23 වනදා නඩුව යළි කැඳීමට නියමිතයි. විමර්ශන මගීන් නියමිත රියදුරු හදුනාගන්නා තුරු සැකපිට අත්අඩංගුවට ගත් වයස අවුරුදු 23 ක් වන නිවසේ සහයකයා සහ ආරක්ෂාව සඳහා පොලිස් භාරයට ගත් බාල වයස්කාර දරුවා පොලිසිය මගින් මුදාහැර ඇත. පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *