27 April 2024
#දේශීය

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥ කමිටුවේ වාර්තාව අධ්‍යනයට අනුකාරක සභාවක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ඛාවන් කෙටුම්පත් කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍යවරුන්ගෙන් සමන්විත අනුකාරක සභාවත් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

අද (03) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක නාලක ගොඩහේවා මහතා පැවසුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා 2020.09.09 වනදා දින පැවැති කැබිනට් මණ්ඩලයේදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් නීති කේෂ්ත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත.

එම කමිටුයේ මුළික වාර්තාව අප්‍රේල් මස 25 වනදා ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී ඇත. එම වාර්තාවේ ඇතුලත් කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරුන්ගෙන් සමන්විත අනුකාරක සභාවක් පත් කර ඇත.

එම අමාත්‍යවරුන් වන්නේ ජි.එල්.පිරිස්, දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්දා, රමේෂ් පතිරණ, අලි සබ්‍රි යන මහත්වරුන්ය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *