ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලාංකේය නියෝජිත Dr. Alaka Singh සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (20) සිදුවිය.
එහි දී මෙරට වර්තමානයේ මතුව තිබෙන දැවැන්ත ඖෂධ හිගය, බාල ලියාපදිංචි නොකළ හා අධික මිලකට මෙරටට ගෙන ආ ඖෂධ නිසා අහිංසක ජනතාවගේ රෝගීන්ගේ ජීවිත අහිමි වන තත්ත්වයකට පත්ව තිබීම, රජයේ රෝහල්වල CT Scan, MRI Scan වැනි යන්ත්‍ර හිගතාව, එම යන්ත්‍ර නඩත්තු නොකර භාවිත කිරීම,වෛද්‍යවරු සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ නිලධාරීන් රට අතහැර යාම ආදී ගැටලු රැසක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සකච්ඡා සිදු විය.
මේ අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරමින් නිරෝෂන් පෙරේරා මහතා සහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන යන මහත්වරුන්ද ඒකව සිටියහ.