දඹුල්ල – කණ්ඩලම ප්‍රධාන මාර්ගයේ සිසිරවත්ත ආරාමය ආසන්නයේදී අද (13) දින විශාල ගසක අත්තක් ත්‍රී රෝද රථයක් මතට කඩා වැටීමෙන් රියදුරු බරපතල තුවාල ලබා තිබේ. අනතුරට පත් පුද්ගලයා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව දඹුල්ල පොලිසිය සඳහන් කරයි.
දඹුල්ල – කණ්ඩලම ප්‍රදේශයේ පදිංචි ගොවි මහතෙකු වන මොහු, මාළු මිරිස් ගෝනි දෙකක් අලෙවි කිරීම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී ඇත.














