විලච්චිය මන්නාරම් හංදිය ප්‍රදේශයේදී ලිඳකට වැටී සිටි වන අලියෙකු ආරක්ෂිතව ගොඩට ගෙන, එම අලියාගේ හොඬවැලේ පැටවී තිබූ තංගුස් ලණුවක් සාර්ථකව ඉවත් කිරීමට විලච්චිය වනජීවී අඩවියේ සහ පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් සමත් වී තිබේ.
අනතුරට මුහුණ දී සිටි වන අලියා මෙලෙස සාර්ථක ලෙස මුදාගෙන ප්‍රතිකාර ලබාදීමට වනජීවී නිලධාරීන් පියවර ගෙන ඇති අතර, ප්‍රදේශවාසීන්ගේද සහයෝගය ඇතිව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.














