ලෝකය පුරා වේගයෙන් පහත වැටෙන පිරිමි සරුබව සහ ප්‍රජනන සෞඛ්‍යය ගැන ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් “Sperm Racing” ආයතනය විසින් මෙම තරගය සංවිධානය කර ඇත. ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5කට ආසන්න පිරිවැයක් දරමින් පවත්වපු මේ තරගයේදී, විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු ලබාදුන් ශුක්‍රාණු සෛල සාම්පල අඟල් 8ක් දිගැති විශේෂිත ධාවන පථයක් ඔස්සේ ගමන් කිරීමට සැලැස්වූ අතර, ප්‍රබල අන්වීක්ෂ, නවීන කැමරා සහ 3D ඇනිමේෂන් තාක්ෂණය හරහා විශාල තිර මත මෙය සජීවීව ප්‍රේක්ෂකයින්ට පෙන්වා ඇත.
ලොස් ඇන්ජලීස් හි UCLA සහ USC විශ්වවිද්‍යාල සිසුන් අතර පැවැති මෙම අවසාන තරගයෙන්, දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ 20 හැවිරිදි ට්‍රිස්ටන් මිල්කර් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇති අතර, ඔහුට ඇමෙරිකානු ඩොලර් 10,000ක මුදල් තෑග්ගක් සහ රත්රන් පැහැති විශේෂිත කුසලානයක් හිමි වී තිබේ.














