27 April 2024
#දේශීය

අධික වැසි නිසා ජලමට්ටම ඉහල යැම නිසා වල් අලින්ගේ වාස භූමි අහිමි වේ

අධික වර්ෂාපතනය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ සහ ඒ ආසන්නයේ ඇති ජලාශ සහ වැව්වල ජල මට්ටමන ඉහළ යැම හේතුවෙන් වල් අලින්ගේ වාස භූමි අහිමිවිම නිසා වල් අලින් මාතලේ ප්‍රදේශයට පැමිණිමේ වැඩිවිමික් දක්නට ලැබෙන බවත් ඒ නිසා වල් අලි උවදුරු ඇති ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවන ලෙස මාතලේ රජ්ජම්මන වනජිවි කාර්යාලයේ අඩවි ආරක්ෂක එම්.බි විජේකොන් මහතා ඉල්ලා සිටියි.

මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මොරගහකන්ද සහ දිස්ත්‍රික්කය ආසන්නයේ ඇති ගිරිතලේ වැව,කවුඩුල්ල ජලාශය ඇතුලු වාරි පද්ධතිය තුළ ජල මට්ටම සිඝ්‍රයෙන් ඉහළ යැම හේතුවෙන් වල් අලින්ගේ වාස භූමි අහිමිවිම සම අලිමංකඩ ඇහිරිම නිසා මෙම තත්වය උදා වි ඇති බවත් වල අලින් ආහාර සපයා ගන්නා තෘණ භුමි ඇතුලු අනෙකුත් දේ අහිමිවිම තුළ වල් අලින් ගම්මාන කරා පැමිණිම සිදුවන බවද විජේකොන් මහතා පවසයි.

විවිධ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සිදු කිරිමේදි නිසි පරිසර ඇගයිම් වාර්තා සිදු නොකර වන සතුන්ගේ වාසභුමි අහිමි කරමින් සිදු කරන දේ නිසා මෙවැනි ක්‍රියාවන් සිදු වන බවත් දේශපාලන අධිකාරිය විසින් ඉදිරියට හෝ මෙවැනි ව්‍යාපෘති සිදු කිරිමේදි නිසා පාරිසරික ඇගයිම් වාර්තා සිදු කර වඩාත් සුදුසු ව්‍යාපෘති පමණක් ක්‍රියාවට නැංවිමට කටයුතු කළ යුතු බවද වන ජිවි නිලධාරිහු අවධාරණය කරයි.

පසුගියදා නාඋල මොරගොල්ල ප්‍රදේශයේ සිදුවු වල් අලි පහරදිමෙන් වටිනා මිනිස් ජිවිතයක් අහිමිවු බවත් ජනතාව වනජිවි නිලධාරින්ට සහය ලබා දි අදාළ වල් අලින් පළවා හැරිම සදහා යාන්ත්‍රණයක් සිදු කළ යුතු බවත් වනජිවි නිලධාරින්ට පමණක් තනිව මෙම කාර්ය සිදු කළ නොහැකි බවද වනජිවි නිලධාරිහු පවසයි.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *