පවතින කොරෝනා වෛරස් තත්ත්වය අනුව රට වැසීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුධ හමුදාපති, කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සභාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
TTVnews.lk වෙබ් අඩවිය කල විමසීමකදී ඒ මහතා කියා සිටියේ පැතිර යන ප්‍රචාර වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.
කෙසේ වෙතත් වෙන විට කොරෝනා වෛරසය ඉතා දරුණු මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
දිලිනි සමන්මලි