නීතියට පටහැනිව යම් කටයුත්තක් සිදු කර ඇත්නම්, එම පුද්ගලයා රට රැකගත් අයෙකු වුවද නීතියට යටත් විය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි. නීතිය හමුවේ සියලු දෙනා සමාන බවත්, වරදක් කර ඇති ඕනෑම අයෙකු නීතිය හමුවේ පෙනී සිටිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
දැනටමත් අධිචෝදනා ගොනු කර ඇති සැකකරුවන්ට අදාළ අධිකරණ තීන්දු ඉදිරි කාලය තුළ නිකුත් වීමට නියමිත බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. කිසිදු තරාතිරමක බලපෑමකින් තොරව නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට රජය කැපවී සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ උත්සව අවස්ථාවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.














