• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විමල්ගෙන් ජනපතිට ලියුමක්

13 June 2018
in දේශීය

ලක්‍ෂ 3කට අධික අහිංසක සිවිල් ජනතාව ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මුදාගැනීම සඳහා දියත් කළ අවසන් සටනේදී විරෝදාර ආරක්‍ෂක හමුදා මෙන්ම රටේ පොදු ජනතාව ද ඉතා උසස් මානුෂික ගුණාංග ලොවට ප‍්‍රදර්ශනය කර්නල් රත්නප‍්‍රිය බන්දු නම් වූ සුවිශේෂී මිනිසා තුළින් දැක ගැනීමට හැකි වු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

වීරවංශ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් කියා සිටියේ විශ්වමඩු ජනතාවගේ ඉල්ලීම පරිදි කර්නල් රත්නප‍්‍රිය බන්දු නිලධාරියාට නැවත ඔහු දැරූ වගකීම පවරන ලෙසත් ඔහුගේ පුද්ගලික දුෂ්කරතා ඇත්නම් ඒ පිළිබඳව ද සොයා බලා පිළියම් යොදන ලෙස ද ඉල්ලා සිටි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කළ ලිපිය පහත පරිදි වේ.

අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

අතිගරු ජනාධිපතිතුමනි,

‘කර්නල් රත්නප‍්‍රිය බන්දු ආදර්ශය’ තුළින් ජාතික සමගිය සඳහා නව ප‍්‍රවේශයක් ගැනීම

බෙදුම්වාදී ම්ලේච්ඡා යුද්ධය පරාජය කොට ලක්‍ෂ 3කට අධික අහිංසක සිවිල් ජනතාව ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මුදාගැනීම සඳහා දියත් කළ අවසන් සටනේදී විරෝදාර ආරක්‍ෂක හමුදා මෙන්ම රටේ පොදු ජනතාව ද ඉතා උසස් මානුෂික ගුණාංග ලොවට ප‍්‍රදර්ශනය කළහ. නමුත් ඒ උසස් ගුණය අගය කිරීම සහ ඒ තුළින් සැබෑ ජාතික සංහිඳියාව සඳහා පාලමක් ඉදිකිරීමට ජාතියක් ලෙස අපි අසමත් වූහ. ඊට ප‍්‍රධාන වශයෙන්ම හේතු වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් ‘මානව හිමිකම් කෙවිට’ වනමින් ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අත දැමීමට පටන් ගැනීම බව ඔබතුමා ද පිළිගන්නවා ඇත.

එතැන් පටන් සංහිඳියාව නාමයෙන් දියත් වූයේ සිංහල, දෙමළ මුස්ලිම් ජාතිකත්ව එක් කිරීමට වඩා දුරස් කිරීමට හේතු වන ක‍්‍රියාමාර්ග බව ද ඔබතුමා පිළිගන්නවා ඇත. එසේ වුවත් පසුගිය දිනවල අපට ඒ අඳුරු වලා තුළින් ඉතා දුර්ලබ රිදී රේඛාවක් දැකගත හැකි විය. කර්නල් රත්නප‍්‍රිය බන්දු නම් වූ සුවිශේෂී මිනිසකු විසින් ත‍්‍රස්තවාදී සැකකරුවන් පුනරුත්ථාපනය කිරීමේදී සහ විශ්වමඩු ප‍්‍රදේශයේ ජනතාවගේ දුක සැප බැලීමේදී පෙන් වූ උසස් මානුෂික ගුණාංග ඒ ජනතාවගේ හදවත් තුළ කොතෙක් ගැඹුරින් සටහන් වී ඇත් ද යන්න අපි දුටිමු. ඒ ජනතාවගේ කඳුළු තුළින් දිස්වූ ඔවුන්ගේ හදවත්, අප කියවූයේ ද කඳුළු පිරි දෙනෙතිනි. ඒ ආදර්ශය සිංහල, දෙමළ, මුස්ලිම් සමස්ත ජාතියටම අගනා පාඩමක් කියා දී ඇත.

ඒ නිසා එම ආදර්ශය තවදුරටත් මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ඔබතුමා ඉදිරිපත් වනු ඇතැයි අපි විශ්වාස කරමු. ඒ සඳහා ආරම්භයක් ලෙස විශ්වමඩු ජනතාවගේ ඉල්ලීම පරිදි ඒ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උසස් වූ නිලධාරියාට නැවත ඔහු දැරූ වගකීම පවරන ලෙස ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. ඊට බාධා වන එම නිලධාරියාගේ පුද්ගලික දුෂ්කරතා ඇත්නම් ඒ පිළිබඳව ද සොයා බලා පිළියම් යොදන ලෙස ද ඉල්ලා සිටිමු.

මෙයට,
විශ්වාසී

විමල් වීරවංශ (පා.ම)
නායක
ජාතික නිදහස් පෙරමුණ
2018-06-13

 

 

Post Views: 8
Previous Post

පත්වීම මට තවමත් නෑ – දයාන් කියයි

Next Post

බලශක්ති ප‍්‍රවර්ධනයට පින්ලන්තයේ සහාය

editor

editor

Next Post

බලශක්ති ප‍්‍රවර්ධනයට පින්ලන්තයේ සහාය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved