• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

චිත්‍රපට ක්ෂේත්‍රය මෙරට පිළිගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරනවා –  අමාත්‍ය විමල් වීරවංශ

6 July 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

චිත්‍රපට ක්ෂේත්‍රය මෙරට ප්‍රධාන කර්මාන්තයක් ලෙස පිළිගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම සඳහා ගත හැකි සියලු පියවර ගැනීමට කර්මාන්ත අමාත්‍යංශය සූදානම් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (05) සවස කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තික සංසද 07ක නියෝජිත පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවක දීය.

කොරෝනා වසංගතය හේතුවෙන් චිත්‍රපට ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටලු සහ එම ක්ෂේත්‍රය කර්මාන්ත ක්ෂේත්‍රයක් ලෙස පිළිගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම යන ප්‍රධාන කරුණු දෙක පිළිබඳව සාකච්ඡා කිරීමට ඉහත කී එම ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තික සංසද 07 හි නියෝජිතයෝ මෙසේ කර්මාන්ත අමාත්‍යවරයා හමු වූහ.

චිත්‍රපට කර්මාන්තය, පිළිගත් කර්මාන්ත ක්ෂේත්‍රයක් ලෙස සලකා කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණු අතර මෙරට අනෙකුත් කර්මාන්ත ක්ෂේත්‍රවලට ඉන් අත්වන ප්‍රතිලාභ ද වෘත්තික සංසද 07 හි නියෝජිතයෝ පෙන්වා දුන්හ. කොරෝනා වසංගතය හේතුවෙන් චිත්‍රපට ශාලා මාස කීපයක් වසා තැබීම හේතුවෙන් මතුව ඇති ගැටළුවලට, චිත්‍රපට ක්ෂේත්‍රය කර්මාන්තයක් ලෙස පිළිගැනීම තුළින් යම් සහනයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බැවින් එය එම ක්ෂේත්‍රයේ රඳා පැවතීමට රුකුලක් බව ද එම නියෝජිත පිරිස වැඩිදුරටත් පෙන්වා දුන්හ.

දේශීය සිනමාව නූතනයට ගැලපෙන පරිදි යාවත්කාලීන කරමින් Netflix වැනි ජාත්‍යන්තර අවකාශයන් සඳහා ඉංග්‍රීසි බසින් ගුණාත්මක සිංහල චිත්‍රපට නිපදවීමේ හැකියාව ද අමාත්‍යවරයා මෙම අවස්ථාවට සහභාගි වී සිටි ප්‍රවීණ සිනමාවේදීන්ගෙන් විමසා සිටි අතර එවැන්නක වැදගත්කම ද අවධාරණය කළේය.

මෙම සාකච්ඡාවට චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය නියෝජනය කරමින් ජයන්ත චන්ද්‍රසිරි, බෙනට් රත්නායක, රංගන ශිල්පීන්ගේ සංසදය නියෝජනය කරමින් දමිතා අබේරත්න, බිමල් ජයකොඩි, සංස්කරණ ශිල්පීන්ගේ සංගමය නියෝජනය කරමින් රවීන්ද්‍ර ගුරුගේ, චිත්‍රපට බෙදාහරින්නන්ගේ සංගමය නියෝජනය කරමින් අනුරාධ රැකව, අංගරචනා ශිල්පීන්ගේ සංගමය නියෝජනය කරමින් වසන්ත විට්ටච්චි, නයන උජිත, කලා අධ්‍යක්ෂවරුන්ගේ සංගමය නියෝජනය කරමින් අජන්ත අලහකෝන්, සහාය අධ්‍යක්ෂවරුන්ගේ හා නිෂ්පාදන කළමනාකාරවරුන්ගේ සංගමය නියෝජනය කරමින් චලින් මධුරංග, චාමර සේලර යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

 

 

Wimal Weerawansa, Minister of Industries – Preparing the background for the recognition of the film industry in the country

Wimal Weerawansa, Minister of Industry says that the Ministry of Industry is ready to take all possible steps to prepare the background for the recognition of the film industry as a major industry in the country.

The Minister said this at a discussion held at the Ministry of Industries in Kollupitiya yesterday (05) evening with a delegation of 07 professional forums related to the film industry.

Representatives of the seven professional forums in the film industry met with the Minister to discuss the two main issues facing the film industry due to the Corona epidemic and the background needed to recognize the industry as an industry.

The importance of treating the film industry as a recognized industry was emphasized and the benefits of other industries in the country were also pointed out by the representatives of the 07 professional forums. The delegation further said that the recognition of the film industry as an industry would help alleviate some of the problems caused by the closure of cinemas for several months due to the Corona epidemic.

The Minister also inquired from the veteran filmmakers who were present at the event about the possibility of producing quality Sinhala films in English for international spaces such as Netflix, updating local cinema to the latest and emphasizing the importance of such.

Jayantha Chandrasiri, Bennett Ratnayake representing the Film Directors’ Forum, Damitha Abeyratne representing the Actors’ Forum, Bimal Jayakody representing the Editors’ Association, Ravindra Guruge representing the Film Distributors’ Association, Anuradha Rekawa representing the Cosmetics’ Association , Ajantha Alahakoon representing the Art Directors Association, Chalin Maduranga and Chamara Selara representing the Association of Assistant Directors and Production Managers.

Post Views: 2
Previous Post

බැසිල් පාර්ලිමේන්තු එනවා .. එළැඹෙන 8 වනදා – මහලේකම් සාගර කියයි

Next Post

යුද හමුදාවෙන් ස්වයංක්‍රීය විෂබීජ හරණ යන්ත්‍රයක්

editor

editor

Next Post

යුද හමුදාවෙන් ස්වයංක්‍රීය විෂබීජ හරණ යන්ත්‍රයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved