මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පවතින දැඩි අයහපත් කාලගුණයත් සමඟ ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමළසුරේන්ද්‍ර ජලාශය අද (01) අලුයම සිට වාන් දැමීමට පටන් ගෙන තිබේ.
නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට පතිත වන වැසි සමඟ කැනියොන් ජලාශයේ එක් වාන් දොරටුවක්ද විවෘත කර ඇති අතර, කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටමද ඉහළ යමින් පවතී. කෙසේ වෙතත්, පවතින අධික සුළං සහ වර්ෂාවත් සමඟ විදුලිබලය වරින් වර ඇනහිටීම නිසා ප්‍රදේශයේ ජන ජීවිතයට බාධා පැමිණ තිබේ.













