• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් මඟින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ කේන්ද්‍රස්ථනයක් කරනවා

18 August 2018
in සංවර්ධන

ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පුළුල් සංවර්ධන සැලැස්මක් ඔස්සේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථාය බවට පත්කිරීම රජයේ අරමුණ වී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊවේ (17) දින මොණරාගල කොටියාගල, දෙව්පුදගම ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්.

වත්මන් ආණ්ඩු බලය ලබා ගන්නා විට රට අධික ණය බරක සිරවී සිටි නමුත් සෞඛ්‍ය, අධ්‍යාපන, ජාත්‍යන්තර සබඳතා, සේවා හා කර්මාන්ත යන අංශයන් දියුණු කරමින් රට ක්‍රමානුකඣලව ඉදිරියට ගෙන ඒමට වත්මන් රජය කටයුතු කළ බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා රාජපක්ෂ ආණ්ඩුවක් බලයට පත්වුවහොත් සිදු වන්නේ රට නැවතත් ණය වලකට ඇද වැටීම බව ද මෙහිදී අවධාරණය කළේය.

මොණරාගල, සියඹලාන්ඩුව, කොටියාගල ඉදිවූ 107 වන ආදර්ශ ගම්මානය වන දෙව්පුදගම ආදර්ශ ගම්මානය විවෘත කරමින් වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

අපේ රජය යටතේ උදාගම්මාන 1110ක් ඉදිකිරීමේ වැඩසටහන මේ වන විට ආරම්භ කර තිබෙන බවත් මධ්‍යම පාන්තික නිවාස සඳහා රුපියල් මිලියන 05ක ණය මුදලක් ලබාදීම, උතුරු පළාතේ නිවාස හතලිස් දහසක් ඉදිකිරීමේ වැඩ පිළිවෙල ආරම්භ කිරීම , වතු කම්කරු ජනතාවට නිවාස ලබාදීමේ වැඩසටහන ආදිය මේ වන විට ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය සේවයේ අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍යවල මිල අඩුකිරීම, පිළිකා ප්‍රතිකාර, අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා නොමිලේ ලබාදීම, සුවසැරිය ගාස්තු රහිත ගිලන් රථ සේවාව ආරම්භ කිරීම, ආදිය සෞඛ්‍ය සේවය වෙනුවෙන් සිදුකර තිබෙන බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන, මහපොල ශිෂ්‍යාධාර ලබාදීම ආදිය අප අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ගත් පියවර බව සදහන් කළ යුතුයි. ඇඟළුම් අපනයනය වැඩි කිරීම, මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීම, ජීඑස්පී ප්ලස් සහනය නැවත ලබාගැනීම, ආදිය හරහා රටේ ආර්ථිකය දියුණු කිරීමට කටයුතු කර ඇති බව හෙතෙම අවධාරණය කළේය.

ස්වාධීන කොමිෂන් සභා ඇතිකරමින් අධිකරණය ස්වාධීන ආයතනයක් බවට පත්කිරීමට අපට හැකිවු අතර තොරතුරු දැනගැනීම පනත, අතුරුදන්වූවන්ගේ පනත, ජාතික විගණන පනත ආදිය බලාත්මක කරමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට වත්මන් රජය කටයුතු කළ බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සහ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ සහ නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, තරුණ කටයුතු ව්‍යාපෘති කළමණාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන්, නිවාසලාභීන් සහ ප්‍රදේශවාසින් රැසක් සහභාගි වී සිටියහ.

Post Views: 10
Previous Post

රනිල් දක්ෂ නායකයෙක් – ඇමැති නවින් කියයි

Next Post

ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ අගමැති ලෙස දිවුරුම් දෙයි

editor

editor

Next Post

ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ අගමැති ලෙස දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved