27 April 2024
#දේශීය

කරාබු දෙක නිසා කාන්තාවක් මරුට

ගිරිඋල්ල, කිතලදෙණිය ප්‍ර දේශයේ කාන්තාවක් නිවස තුළ වැටී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පසුගිය 04 වනදා අදාළ මරණය සිදුව ඇති අතර සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ කිතලදෙණිය පදිංචි 78 හැවිරිදි කාන්තාවක්.

ඇය නිවසේ තනිව සිට ඇති අතර ඇයගේ පුතා සහ පුතාගේ බිරිද උදැසන වැඩට ගොස් සවස් කාලයේදී නිවසට පැමිණ බැලීමේදී මෙලෙස වැටි සිට ඇත.

එහිදී ඇයගේ කරාබු යුගල කොල්ලකා ඇති බවට අනාවරණ වී ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හදුනාගෙන නොමැති බව පොලිසි පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *