27 April 2024
#සංවර්ධන

උකුවෙල නගරය රුපියල් ලක්ෂ 180 කින් සංවර්ධනය කෙරේ

“දැයක් නගර -සියක් නගර” සංවර්ධන වැඩසටහන යටතේ උකුවෙල නගරය රුපියල් ලක්ෂ 180ක වියදමින් සංවර්ධනය කිිරිමට නියමිත බව උකුවෙල සම්බන්ධිකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ දිසානායක මහතා පවසයි.

මේ යටතේ නගර සංවර්ධන කටයුතු ඉකුත්දා පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙම අවස්ථාවට උකුවෙල ප්‍රාදේශිය සභාපති චේතිය දිසානායක, ප්‍රාදේශිය ලේකම් එන්.කේ සේරසිංහ යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

 

මාතලේ – මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *