පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ නාමයෝජනා ලැයිස්තුවල මෙන්ම තේරී පත්වන මන්ත්‍රීවරුන් අතර ද අවම වශයෙන් 33%ක කාන්තා නියෝජනයක් තහවුරු වන පරිදි නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමේ අවශ්‍යතාව පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමු වී තිබේ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සහ එම සංසදයේ සභාපතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී පැවති රැස්වීමකදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
පළාත් සභා මැතිවරණයේ කාන්තා සහ තරුණ නියෝජනය තහවුරු කිරීම සහ ඊට අදාළ මැතිවරණ ක්‍රමය පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා සම්බන්ධයෙන් මෙහිදී අදහස් හුවමාරු විය. නාමයෝජනා ලැයිස්තු මට්ටමින් හෝ අනිවාර්ය ආසන වෙන් කිරීම මඟින් හෝ මිශ්‍ර මැතිවරණ ක්‍රමවේදයක් යටතේ සුදුසු නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමේ විකල්ප පිළිබඳව මෙන්ම, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී මැතිවරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කිරීමට ද තීරණය විය.
දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමේදී මුහුණ දීමට සිදුවන සමාජීය ආකල්ප, මැතිවරණ වියදම් සහ දේශපාලන පක්ෂවල සහයෝගය වැනි අභියෝග මෙන්ම මහජන දැනුවත් කිරීමේ වැඩසටහන්වල වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි. මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිනි මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල මෙන්ම රෝහිණි කුමාරි විජේරත්න, නීතිඥ සාගරිකා අතාවුද ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් පිරිසක් සහභාගි වූහ.
















