දෙරට අතර සබඳතාවලට නව ජවයක් එක් කරමින් චීන නායකයා ඉන්දියාවට පැමිණීමට නියමිත මෙම සංචාරය අසල්වැසි රටවල් දෙකේ රාජ්ය තාන්ත්රික සබඳතාවල තීරණාත්මක මංසන්ධියක් වෙයි
චීන ජනාධිපති ෂී ජින්පින්ගේ (Xi Jinping) අපේක්ෂිත නවදිල්ලි සංචාරය මෙම සතියේදී සිදුවීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. වසර 7කට පසු චීන ජනාධිපතිවරයෙකු ඉන්දියාවේ නිරත වන පළමු සංචාරය මෙය වන අතර, නවදිල්ලියේ පැවැත්වෙන වාර්ෂික BRICS රාජ්ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ඔහු පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම සංචාරයට සමගාමීව චීන දේශපාලන සහ ව්යාපාරික දූත පිරිසක් ද ඉන්දියාවට පැමිණීමට නියමිතව ඇත.
පසුගිය වසරේ අග්රාමාත්ය නරේන්ද්ර මෝදි චීනයේ සංචාරයක නිරත වීමෙන් පසු සහ අමෙරිකාව සමඟ පවතින සබඳතාවල යම් යම් අවදානම් මතු වීමත් සමඟ දෙරට අතර සබඳතාවල සුබවාදී වර්ධනයක් දක්නට ලැබුණි. කෙසේ වෙතත්, ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි සහ චීන ජනාධිපතිවරයා අතර සෘජු ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වෙන්නේද යන්න පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තොරතුරු අනාවරණය වී නොමැත.














