චීන ජනාධිපති ෂී ජින්පිං, කිර්ගිස්ථානයේ Bishkek නුවරදී පැවැත්වීමට නියමිත 2026 ශැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුව සඳහා එක්වීමට ඊයේ (30) විශේෂ ගුවන් යානයකින් බෙයිජිං නුවරින් පිටත්ව ගොස් තිබේ. ඉන් අනතුරුව හෙතෙම කිර්ගිස්ථානයේ සහ ඊජිප්තුවේ රාජ්ය සංචාරයන්හි ද නිරත වීමට නියමිත අතර, කිර්ගිස්ථාන ජනාධිපති Sadyr Nurgozhoevich Japarov සහ ඊජිප්තු ජනාධිපති Abdul Fatah Al-Sisi යන මහත්වරුන්ගේ ඇරයුමට අනුව ඔහු මෙම රාජ්ය සංචාරයන්ට එක්වෙයි.
චීනය සහ කිර්ගිස්ථානය අතර සාම්ප්රදායික මිත්රත්වයට දිගු ඉතිහාසයක් ඇති බව පෙන්වා දී ඇති ෂී ජින්පිං මහතා, රාජ්යතාන්ත්රික සබඳතා ස්ථාපිත කිරීමෙන් වසර 34කට පසු ද්විපාර්ශ්වික සබඳතා යහපත් සහ ස්ථාවර සංවර්ධනයක් පවත්වා ගෙන ගොස් නව යුගයේ පුළුල් උපායමාර්ගික හවුල්කාරීත්වයක ඉහළ මට්ටමකට ළඟා වී ඇති බව සඳහන් කර ඇත. 2026 ශැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට සහභාගී වෙමින් එහි අඛණ්ඩ සංවර්ධනය ප්රවර්ධනය කිරීම සඳහා සියලු පාර්ශ්වයන් සමග එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් ප්රකාශ කර තිබේ.














