යාපහුව පුරාවිද්‍යා භූමිය තුළ මෑතකදී සිදුකරන ලද කැණීම් කටයුතුවලින් අනාවරණය කරගත් පුරාවිද්‍යාත්මක සාධක නිරීක්ෂණය කිරීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද දින එක්වූහ.
මෙම නව කැණීම් මඟින් සොයාගත් සාධක හරහා මෙරට ප්‍රෞඩ ඉතිහාසය පිළිබඳ මෙතෙක් නොදැන සිටි තොරතුරු රැසක් අනාවරණය වන අතර, අපේ උරුමය මතු පරපුර උදෙසා සුරක්ෂිත කිරීමේ ජාතික මෙහෙවර අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක වේ. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනී, නීතිඥ ගීතා හේරත් මහත්මිය, මහව ප්‍රාදේශීය සභාවේ සභාපති සුමේධ කුමාර මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මහතා, මහාචාර්ය මංගල කටුගම්පොළ සහ මහාචාර්ය සමිත මානවඩු මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.














