යක්කලමුල්ල පොලිස් වසමේ පොරකැටිය ප්‍රදේශයේදී ඊයේ (14) උදෑසන සිදුවූ අසල්වැසි ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
යක්කලමුල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති අතර, ඝාතනයට ලක්ව ඇත්තේ යක්කලමුල්ල ප්‍රදේශයේම පදිංචි 54 හැවිරිදි අයෙකි. පැරණි ආරවුලක් මුල් කරගනිමින් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට මේ වන විට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 27 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, යක්කලමුල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.














