ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ යස්ටිකා භාතියා සුවිශේෂී වාර්තාවක් පිහිටුවීමට සමත්විය. එංගලන්තයට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය වූ අද (12) ඇය සිය දෙවන ඉනිම වෙනුවෙන් ශතකයක් වාර්තා කළාය.
ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් ශතකයක් රැස්කළ ලොව පළමු කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ඇය ඉතිහාසයට එක්වූ අතර, මෙම ජයග්‍රහණයත් සමඟ එම ක්‍රීඩාංගණයේ පිහිටි සුප්‍රසිද්ධ ටෙස්ට් පිතිකරණ ගෞරව පුවරුවට තම නම ඇතුළත් කරගත් පළමු කාන්තාව වීමටද ඇයට හැකි විය.
යස්ටිකා මෙම ඉනිම සඳහා පන්දු 158කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟ ලකුණු 113ක් රැස් කළාය. තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ක්‍රීඩා කළ සිව්වන තරගයේදීම ඇය මෙම පළමු ටෙස්ට් ශතකය වාර්තා කිරීම තවත් සුවිශේෂී කරුණකි.
















