ලොව වඩාත්ම දරුණු රථවාහන තදබදයක් සහ මාර්ග අවහිරතාවක් පවතින රටවල් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයට පත්ව ඇති බව ජාත්‍යන්තර දත්ත වාර්තා අනාවරණය කරයි.
ගෝලීය ජීවන තත්ත්වයන් සහ පාරිභෝගික දර්ශක පිළිබඳ දත්ත රැස් කරන ප්‍රකට ‘Numbeo’ ආයතනය විසින් නිකුත් කරන ලද 2026 වසරේ මධ්‍ය කාලීන රථවාහන දර්ශකයට අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබේ. ලකුණු 254.5ක ඉහළ දර්ශක අගයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව මෙම ස්ථානයට පත්ව ඇති අතර, ශ්‍රී ලංකාවට ඉදිරියෙන් පසුවන්නේ නයිජීරියාව සහ කොස්ටාරිකාව පමණි.
ලොව පුරා වෙසෙන ජනතාවගේ අත්දැකීම් සෘජුවම උපයෝගී කර ගනිමින් සකස් කර ඇති මෙම වාර්තාවට අනුව ලොව දරුණුම රථවාහන තදබදය සහිත රටවල් 10 වන්නේ නයිජීරියාව, කොස්ටාරිකාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, කෙන්යාව, ඊජිප්තුව, පේරු, ඉරානය, ඉන්දියාව සහ කොලොම්බියාව යන රටවල් වේ.
















