ඉරාන අර්බුදය තීව්‍ර වෙමින් පවතින පසුබිමක, යේමනය වසර ගණනාවකට පසු යළිත් වරක් දැවැන්ත යුද ගැටුමකට ගමන් කරමින් සිටින බව විදේශ තානාපතිවරුන් සහ හමුදා විශ්ලේෂකයින් පවසයි.
යේමනයේ ඉරාන හිතවාදී හූති කැරලිකරුවන් විසින් පසුගිය දිනවල සෞදි අරාබියේ ගුවන්තොටුපොළකට ප්‍රහාර එල්ල කිරීම සහ සෞදි තෙල් නෞකාවලට ප්‍රහාර එල්ල කරමින් නාවික වටලෑමක් (Naval blockade) ප්‍රකාශයට පත්කිරීම මෙලෙස තත්ත්වය උග්‍ර වීමට ප්‍රධාන හේතුව වී තිබේ. රතු මුහුදේ සිට සෞදි දේශසීමාව දක්වා වන ඉදිරි ආරක්ෂක වළලු වෙත දෙපාර්ශ්වයම හමුදා රැස්කරමින් සිටින අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සහ ඕමානය හරහා සිදුකරන සාම සාකච්ඡා ද අසාර්ථක වෙමින් පවතින බව වාර්තා වේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














