හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (17) අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මහතා අදාළ කරුණක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. අද දිනයේදී රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග කිහිපයක්ම වාර්තා වීම දේශපාලන කරළියේ විශේෂ අවධානයට ලක්ව තිබේ.
















