මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති නඩුවකදී පොලිසියට දුන් ප්‍රකාශයට පරස්පර ලෙස සාක්ෂි ලබා දුන් පාලිත ගමගේ නමැත්තෙකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කරයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේදී බොරු සාක්ෂි ලබාදුන් සාක්ෂිකරුවකුට එරෙහිව පියවර ගැනීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (10) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ. මෙම නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂි දුන් පාලිත ගමගේ නමැති සාක්ෂිකරුවකු පොලීසියට ලබා දුන් ප්‍රකාශයට පරස්පර ලෙස සාක්ෂි ලබාදෙන බවට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයේ අවධානයට යොමු කළේය.
ඒ අනුව මෙම සාක්ෂිකරුට එරෙහිව, බොරු සාක්ෂි දීමේ චෝදනා යටතේ පියවර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන් අතර, ඉන් අනතුරුව අදාළ සාක්ෂිකරු ඇපයක් මත මුදා හැරීමට අධිකරණය නියම කර ඇත.
















