අම්පාර, දමන පොලිස් වසමට අයත් කෙත්සිරිගම මාර්ගයේ 03 වන පාලම අසලදී ඊයේ (20) දින උදෑසන කාලයේදී සිදු වූ දරුණු රිය අනතුරකින් 25 හැවිරිදි තරුණයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. කෙත්සිරිගම දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක්, තමන්ට ඉදිරියෙන් ධාවනය වූ වෑන් රථයකට ඉස්සර කිරීමට (Overtake) උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
යතුරුපැදිය වෑන් රථයේ ගැටීමෙන් එහි ගමන් ගත් පැදිකරු සහ පසුපැදිකරු යන දෙදෙනාම බරපතළ තුවාල ලබා වහාම අම්පාර මහ රෝහල වෙත ඇතුළත් කර ඇත. කෙසේ වෙතත්, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී යතුරුපැදියේ පසුපස ගමන් ගත් තරුණයා අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙකි. අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු දමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, නොසැලකිලිමත් ධාවනය පිළිබඳව දමන පොලිස් ස්ථානයේ රථවාහන අංශය මඟින් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරයි.














