ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින ගැටුම අවසන් කිරීම සඳහා වූ සාකච්ඡා සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති ඇමරිකාවේ නවතම යෝජනා තමන් සමාලෝචනය කරමින් පවතින බව ඉරාන විදේශ අමාත්‍යාංශය පවසයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර ඇත්තේ, ටෙහෙරානයෙන් “නිවැරදි පිළිතුරු” ලැබෙන තෙක් තමන් දින කිහිපයක් බලා සිටීමට සූදානම් බවයි. කෙසේ වෙතත්, යම් එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත්, නැවත ප්‍රහාර දියත් කිරීමට සිදුවන බවට ඔහු අනතුරු අඟවා තිබේ. ඉරානය පවසන්නේ පකිස්ථානයේ මැදිහත්වීමෙන් දෙපාර්ශ්වය අතර පණිවිඩ හුවමාරු වන බවයි.
පවතින තත්ත්වය පිළිබඳ කරුණු:
ඉරානය ඉදිරිපත් කර ඇති යෝජනා අතර හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පාලනය, යුද්ධයෙන් සිදුවූ හානි සඳහා වන්දි, සම්බාධක ඉවත් කිරීම, අත්හිටවූ වත්කම් මුදා හැරීම සහ අමෙරිකානු හමුදා ඉවත් කර ගැනීම වැනි කොන්දේසි ඇතුළත් වේ. මෙම කොන්දේසි මීට පෙරද අමෙරිකාව විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.
ලෝක තෙල් සැපයුමෙන් පස්වන පංගුවක් ප්‍රවාහනය කෙරෙන හෝර්මුස් සමුද්‍ර සන්ධිය, යුද්ධය ආරම්භ වූ දා සිට බරපතල ලෙස අවහිර වී ඇත. ඉරානය පවසන්නේ තම අවසරය මත පමණක් නෞකා ප්‍රවාහනය කළ හැකි බවයි. පසුගිය දිනක චීන සුපර් ටැංකියක් ඇතුළු නෞකා කිහිපයක් ඉරානයේ සහයෝගයෙන් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇතත්, එය යුද්ධයට පෙර පැවති දෛනික නෞකා ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩුය.
අමෙරිකාව සහ ඊශ්‍රායලය පවසන්නේ තම යුද අරමුණ වන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ මිසයිල හැකියාවන් විනාශ කර, කලාපීය සන්නද්ධ කණ්ඩායම් වෙත ඉරානය දක්වන සහයෝගය නැවැත්වීම බවයි. කෙසේ වෙතත්, ඉරානය තවමත් තම න්‍යෂ්ටික ඉන්ධන ගබඩාව රඳවාගෙන සිටින අතර, අභ්‍යන්තර දේශපාලන වශයෙන් ද ස්ථාවරව පවතින බව විචාරකයෝ පවසති. මෙම සාකච්ඡා ඉදිරි දිනවලදී කෙබඳු දිශාවකට හැරේවිද යන්න තවමත් අවිනිශ්චිතය.














