නීතිවිරෝධී ලෙස රිපීටර් වර්ගයේ (Repeater) ගිනි අවියක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත සමගි ජන බලවේගය නියෝජනය කරන අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ මන්ත්‍රීවරයා වෙත මෙම ගිනි අවිය ලැබුණු ආකාරය මෙන්ම, එය මීට පෙර කිසියම් අපරාධ ක්‍රියාවක් සඳහා භාවිත කර ඇත්ද යන්න සම්බන්ධයෙන් පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත් කිත්සිරි ජයලත් සහ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා යන මහත්වරුන්ගේ සෘජු මෙහෙයවීමෙන් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
















