වනවාසල ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ භයානක දුම්රිය අනතුරට හේතුව දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය යකඩ කොටස් කිහිපයක් සොරකම් කිරීම බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී තිබේ. මෙම සොරකම සම්බන්ධයෙන් 25 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු එම වටිනා උපකරණ රුපියල් 3000ක මුදලකට අලෙවි කර ඇති බව හෙළි වී ඇත.
පොලිසිය පවසන පරිදි, දුම්රිය මාර්ගයේ ‘චෙක් රේල්’ (Check Rail) කොටස්වලට සම්බන්ධ බෝල්ට් ඇණ සහ අනෙකුත් යකඩ උපාංග ගලවා ඉවත් කිරීම නිසා දුම්රිය පීලි පැනීමට ලක්ව තිබේ. රුපියල් මිලියන ගණනක දේපළ හානියක් සහ මගී ජීවිත දැඩි අවදානමකට ලක් කරමින් සිදුකළ මෙම ක්‍රියාව, හුදෙක් සුළු මුදලක් උපයා ගැනීමේ අරමුණින් සිදුකළ එකක් බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහු සොරකම් කරන ලද භාණ්ඩ මිලදී ගත් පුද්ගලයන් පිළිබඳව ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














