ගාල්ල – උඩුගම මාර්ගයේ මකුළුව හන්දිය ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රී සිදුවූ අවාසනාවන්ත රිය අනතුරකින් 26 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. උඩුගම බලා ධාවනය වූ බස් රථයක ඉදිරිපස දොරටුවෙන් මෙම මගියා ඇද වැටී ඇති අතර, අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
මියගිය තරුණයා ගාල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගාල්ල වරාය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














