27 April 2024
#දේශීය

මාවරමණ්ඩියේ මාරක රියඅනතුරින් තරුණයෙකු මරුට

මාවරමණ්ඩියේ ඊයේ (16) පස්වරුවේදී යතුරු පැදියක් ලංගම බස් රථයක ගැටීමෙන් තරුණයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේ කඩවත, මාවරමණ්ඩිය මාර්ගයේ විහාර මාවතට හැරෙන හංදියේදී මාවරමණ්ඩිය දෙසට ධාවනය වු යතුරු පැදියක් තවත් යතුරු පැදියකට ඉස්සර කර යෑමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලංගම බස් රථයක ගැටී අනතුරක් සිදු ව ඇති බවයි.

අනතුරින් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 20 ක් වු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ ලංගම බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු පවත්වානු ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *