යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy) විසින් ඩෙන්මාර්කය, එස්තෝනියාව සහ නෙදර්ලන්තය යන රටවල් තුන සමඟ නව “ඩ්‍රෝන ගිවිසුම්” (Drone Deals) 3කට අත්සන් තබා තිබේ. තුර්කියේ අන්කාරා නුවර පැවැත්වෙන නේටෝ (NATO) සමුළුව අතරතුර මෙම ගිවිසුම්වලට එළඹ ඇති බව ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ නිවේදනය කර ඇත. වසර හතරකට වැඩි කාලයක් තිස්සේ රුසියාව සමඟ පවතින දරුණු යුද ගැටුම් තුළින් යුක්රේනය ලබාගත් ඉහළ තාක්ෂණික ඩ්‍රෝන දැනුම සහ විශේෂඥ පුහුණුව මෙම රටවල් සමඟ බෙදා ගැනීමට මෙහිදී එකඟතාව පළවී තිබේ. මෙම නව ගිවිසුම් 3ත් සමඟ යුක්රේනය මේ වන විට ලෝකයේ රටවල් සමඟ මෙවැනි ආරක්ෂක ගිවිසුම් 9කට එළඹ ඇති බව ද වාර්තා වේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














