• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අඩු කරනවා නෙමෙයි මම නැති කරනවා – ඇමැති රවි කියයි

26 February 2019
in දේශීය

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න හොදම මාර්ගය තමයි විධායක ක්‍රමය අහෝසි කිරීම බවත් මහානායක ස්වාමීන්වහන්සේලා දෙනමත් පවසන්නේ, රටට ගැලපෙන ආකාරයට යම් වෙනසක් සිදුවෙනවානම් එය වියයුතු යැයි බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා මහනුවර ශ්‍රී දළදා මාළිගාව වන්දනාමාන කිරීම සහ මහානායක ස්වාමීන්වහන්සේලා බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමින්. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ තමා අමාත්‍යංශය භාර ගෙන දින ගණනාවක් වන අතර අමාත්‍යංශයේ සොරකම්, දුෂණ වංචා අවම කරනවා පමණක් නොව නැති කරන බවයි. 

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා, ” රටට, ජනතාවට යහපතක් වෙනවානම් ඒක තමයි කල යුත්තේ. ඡන්ද කාලෙට පමණක් සුරංගනා කතා කියන එක නෙමෙයි කළ යුත්තේ. මේ රට හදන්න ඕනකමක් තියෙනවානම්, ඒක කරන්න බැරි නැහැ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින, බොහොම ශක්තිමත්, එකමුතු පක්ෂයක්. අපට පාට, පක්ෂ නෙමෙයි අවශ්‍ය වන්නේ. ජනතාව මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන්නේ, තමන්ව නියෝජනය කරයි කියන දැඩි විශ්වාසය මතයි. එහෙම නැතිව පාර්ලිමේන්තුවට ගිහින් විහිළු කරන්න නෙමෙයි. ඒ නියෝජනය කිරීම තුළින් යම් වැරදි දේවල් සිදුවුණොත්, ඒක බලපාන්නේ රටට විතරක් නෙමෙයි, ඒ තුළින් සමස්ත ලෝකයටම මේ රට පිළිබදව තිබෙන විශ්වාසය කඩා වැටෙනවා. එ.ජා.ප. ය ඕනම ඡන්දයකට සූදානම්.

යහපත් පාර්ලිමේන්තු සම්ප්‍රදායක් ඇතිකිරිම උදෙසා පසුගියදා සභා සම්මත කල පනත තුළින් ඉදිරිපත් කරලා තිබෙන්නේ මන්ත්‍රීවරුගේ ක්‍රියාකලාපය කෙබදු වියයුතුද යන්න පිළිබදවයි. එම ක්‍රියා කලාපය රටට ඔබින, ලෝකයට ආදර්ශමත් ආකාරයෙන් සකස් වියයුතුයි යන්නයි මගේ අදහස. මන්ත්‍රීවරයෙක් යම් වැරැද්දක් සිදුකළහොත් ඔහුගේ පාර්ලිමේන්තු සේවා කටයුතු අත්සිටුවීම ආදි නීති මෙම පනත තුළ තිබෙනවා. මෙවැනි දැඩි නීති දැමීම තුළින් යම් ක්‍රම, ආදර්ශමත් බවක් ඇතිකළ හැකිවේවි.

මට අවශ්‍ය වන්නේ මගේ අමාත්‍යංශය තුල වංචා දූෂණ අවම කිරීම නෙමෙයි, නැති කිරීමයි. මම ඒ අභියෝගය බාර ගත්තා. දැන් සති තුනකට කළින් මම මගේ අමාත්‍යංශයේ දූෂණ වංචා ගැන සොයාබලන්න, විවේචනය කරන්න විවෘත අවස්ථාවක් ඇති කලා. ඒ තුළින් පූර්ණ විනිවිද භාවයකින් දැන් කටයුතු කරන්න හැකිවෙලා තිබෙනවා.

මම අමාත්‍යාංශය බාර අරන් දින 53 යි. ඒ කෙටි කාලයට මට පේනවා වසර ගණනාවක් තිස්සේ මේ අමාත්‍යාංශය තුළ තිබෙන ප්‍රශ්න. ඒවා නිවැරදි කිරීමක් අවශ්‍යයි. විදුලි නිෂ්පාදන වියදම, විකුණුම් මිලට වැඩිය වැඩිවෙලා, ඒ තුළින් පාඩු ලැබීමක් තමයි ප්‍රධාන වශයෙන් තිබෙන්නේ. මට පාරිභෝගිකයාට මිල වැඩි කිරීමක් කරන්න බැහැ. ඉදිරියේදී යම් විදියකට මිල අවම කිරීමට තමයි මම උත්සාහ කරන්නේ. එහෙමනම් මේ ලබන පාඩුව නැති කරන්න කළ යුත්තේ නිෂ්පාදන වියදම අඩු කරගැනීමයි. ඒකට තමයි අපි මේ නිර්භීතව කටයුතු කරන්නේ. නමුත් එක්කෙනෙක් දෙන්නෙක් මේක විකෘති කරලා ප්‍රාණ ඇපකරුවන් කරගෙන කටයුතු කිරීමේ වැඩපිළිවෙලක් තිබෙනවා. ඒ අය මාධ්‍ය අල්ලාගෙන කටයුතු කලාට, පාරිභෝගිකයාට සෙතක් සැලසෙන අයුරින් දූෂණය නැති කරලා, අක්‍රමිකතා නැති කරන්න අපි නිර්භීතව කටයුතු කරනවා. හැබැයි වැඩකරන කෙනාට තමයි පහර ගහන්නේ.

ඇතිවිය හැකි වියලි කාලගුණික තත්ත්වයට මුහුණ දෙන්න ලංකා විදුලිබල මණ්ඩලය සූදානමින් සිටින්නේ. ලංවිම ඉංජිනේරුවන්ගේ සුවිශේෂී දක්ෂතා සහ උපායමාර්ග ක්‍රියාකලාපය තුළින් අභියෝග ජයගන්න අපි ක්‍රියාකරනවා. ලබන වසර වනවිට ඉතාමත් සවිශකිතමත් විදුලි ජනන ක්‍රියාමාර්ගයකට අපි අවතීර්ණ වෙන්න සූදානම්.

මේ වනවිට සූර්ය, සුළං, මුහුදු රළ ආදි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් අපි යොමුවෙලා තිබෙනවා. ජල විදුලියත් ප්‍රශස්ත මට්ටමෙන් යොදාගන්නවා. මීට අමතරව තායිලන්තය යොදාගනු ගබන කෘතීම වැසි ඇති කිරීම සදහාත් අපි යොමුවීමට බලාපොරොත්ත වෙනවි. අපිට අවශ්‍ය වන්නේ මොනයම් ආකාරයකින්වත් පාරිභෝගිකයාට බරක් ඇතිවන පරිදි මිල වැඩි නොකර විදුලිය සපයන්නයි’ යැයි පැවසීය.

මෙම අවස්ථාවන්ට විදුලිබල, බලශක්ති ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතාද සහභාගි විය.

Post Views: 9
Previous Post

ආණ්ඩුව ගත්ත දවසේ ඉදන් අභියෝගවලට මුහුණ දුන් බව ඇමැති කබීර් කියයි

Next Post

බැඳුම්කර වංචා වාර්තාව කෝ? ජනතා උද්ඝෝෂණයක් හෙට

editor

editor

Next Post

බැඳුම්කර වංචා වාර්තාව කෝ? ජනතා උද්ඝෝෂණයක් හෙට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved