• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අයහපත් දේශගුණය හමුවේ දකුණු පලාතේ විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට ප්‍රශංසනීයයි

28 July 2019
in දේශීය

පසුගිය 19 දා දකුණු පළාතේ ඇතිවූ අයහපත් දේශගුණික තතත්වයන් හමුවේ සිදුවූ ස්වභාවික විපත් තත්තවය හේතුවෙන් හානියට පත් නිවාස 174,000 කට පමණ දින 5ක් වැනි ඉතාම කෙටි කාලසීමාවකින් විදුලිය යථා තත්ත්වයට පත්කිරීමට ලංකා විදුලිබල මණඩලයේ දකුණු පළාත් බාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රමුණ සේවක පිරිසට හැකිවීම ඉතාමත් ප්‍රශංසනිය බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රෙය්දී දකුණු පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඇතුලු අදාල නිලධාරීන් හමුවූ අවස්ථාවේදීය. පසුගියදා ඇතිවූ ස්වභාවික විපත් හේතුවෙන් දකුණූ පළාත් විදුලි සැපයුමට සහ විදුලි පද්ධති වලට සිදුවූ හානිය හැකි ඉක්මණින් යතා තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් මෙහිදි අමාත්‍යවරයා විසින් අදාල නිලධාරීන්ට සිය ස්තුතිය පුදකර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා “ මම මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලසීමාවේදී මෙවැනි ස්වභාවික විපත් නිසා ඇතිවන ව්‍යසනයන් සම්බන්ධයෙන් රක්ෂණයක් ඇති කළා. ලංකා විදුලිබල මණ්ඩලයටත් මේ අවස්ථාවේදී එම රක්ෂණ ක්‍රමය උපයෝගී කරගන්න හැකිවේවි. මේ අවස්ථවේදී නැවතත් වරක් දකුණු පළාත්බාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිතුමා ඇතුළු නිලධාරීන්ට මාගේ කෘතඥතාවය පළකර සිටිනවා. ඉතාමත් ක්‍රියාශීලීව ඔවුන් එදා සිදුකළ එම කාර්යය සම්බන්ධයෙන්. මේ ආකාරයෙන් තමයි අපි පාරිභෝගිකයා ආරක්ෂා කරගනිමින් සේවය කළ යුත්තේ” යැයි පැවසීය.

ජූලි මස 19 දින ඇතිවූ යහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ දකුණු පළාතේ ඇතිවූ සිදුවූ විදුලිය බිදවැටීම් දින 05 ක් වැනි කෙටි කාලසීමාවකදී යතා තත්ත්වයට පත්කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අයත් දකුණූ පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිතුමන් ප්‍රමුඛ කාර්ය මණ්ඩල වලට හැකිවී තිබේ. මෙම ව්‍යසනයේදී අම්බලන්ගොඩ, බද්දේගම, ගාල්ල, හම්බන්තොට, මාතර, තංගල්ල සහ අකුරැස්ස යන ප්‍රදේශ 07 ට විශාල ලෙස හානි සිදුවී තිබේ.

මෙහිදී නිවාසයන්ට ප්‍රධාන විදුලි මාර්ගයෙන් විදුලිය සම්බන්ධ කර ඇති වයර 39,310 ක්, තාරපැවි 04 ක්, විදුලි මීටර 21, විදුලි රැහැන් මාර්ග සහ පද්ධති විශාල ප්‍රමාණයක් හානියට ලක්වී තිබේ.

ඒ අනුව ජූලි 19 දින සිට 25 දින දක්වා වූ කාලය තුළ පවුල් 75,000 කට පමණ විදුලිය අහිමි කරමින් සිදුවූ මෙම අලාභානි සියල්ල යතා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් ලංකා විදුලිබල මණඩලයට රු. මිලියන 84 කට අධික මුදලක් වැයවී තිබේ.

 

Post Views: 17
Previous Post

බංගලි පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් …… මාලිංග එක්දින පිටියෙන් සමුගනි

Next Post

1952 මෙරට ගෙන්න වු තට්ටු දෙකේ බස්රථය පුනරුත්ථාපනය කර මගී ප්‍රවාහනයට එක් කරයි

editor

editor

Next Post

1952 මෙරට ගෙන්න වු තට්ටු දෙකේ බස්රථය පුනරුත්ථාපනය කර මගී ප්‍රවාහනයට එක් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved