• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අයි සී සි. දූෂණ මර්දන කාර්යාලයක් ලංකාවේ පිහිටුවීම ලැජ්ජාවට කරුණක් – ඇමැති අර්ජුන

14 January 2019
in ක්‍රීඩා

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දුෂණ මර්දන කාර්යාලයක් ලංකාවේ පිහිටුවීමට කටයුතු කිරීම රටට ලොකු ලැඡ්ජාවක් බව 96 ලෝකශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ පැළ බෙදා දීමේ උත්සවයකට සහභාගි ‍වීමෙන්. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ක්‍රීඩා අමාත්‍යවරයා වෙනස් වූ පමණින් සියල්ල එක රැයකින් නිවැරදි කළ නොහැකි බවයි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “පසුගිය 2015 ජනවාරී මාසයේ අපි හදපු ආණ්ඩුවේ අවාසනාවන්ත ක්‍රීඩා ඇමැතිවරු සහ ඒ ක්‍රීඩා අමාත්‍යවරුන්ට ආවණය දෙන බුකිකාරයෝ හිටියා. ඔවුන් එකතුව ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළා. ඒ ගැන අපි ජනාධිපතිතුමාට අනන්තවත් කිව්වා. අගමැතිතුමාටත් අනන්තවත් කිව්වා. නමුත් මේ අවුරු හතරට කරපු විනාසය දැන් අපි භුක්ති විඳමින් ඉන්නවා. දැන් තරග පාවාදීම් අහුවෙලා තියෙනවා. ලෝක ක්‍රිකට් කවුන්සිලය තරග පාවා දීම් ගැන වෙනම ඒකකයක් මේ රටේ ස්ථාපිත කරන්න හදනවා. ඒක රටට ලොකු ලැජ්ජාවක්. මීට කලින් ජනාධිපතිතුමා ළඟ ඉන්න පිරිසක් තමයි ක්‍රිකට් පාලනය කළේ. ඒ අය මේ තත්ත්වයට වගකියන්න ඕන. කොහොම නමුත් තව පොඩි කාලයයි ලෝක ක්‍රිකට් තරගාවලියට තියෙන්නේ. මං හිතන්නේ එම තරගාවලියට අපිට ලේසි වෙන එකක් නැහැ මේ තියෙන තත්ත්වයත් එක්ක. හැබැයි අපේ ක්‍රීඩ‍කයෝ දක්ෂයෝ. අපේ පරිපාලනයෙයි ගොඩාක් ප්‍රශ්න තියෙන්නේ. ඉදිරි නිලවරණයේදී මේ ප්‍රශ්න ගැන වැඩි අවධානයක් යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා….”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

Post Views: 6
Previous Post

පසුගිය වසර 4 තුල තෙල් වල ආදායමෙන් රට දියුණු කරන්න තිබ්බා…. හිටපු පිරිපහදු නියෝජ්‍ය කලමණාකරු කියයි

Next Post

ඔක්තෝම්බර්වලදී ජනාධිපතිවරණයක් – ඇමැති නවින් කියයි

editor

editor

Next Post

ඔක්තෝම්බර්වලදී ජනාධිපතිවරණයක් - ඇමැති නවින් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved