• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අරපරිස්සමෙන් විදුලිය පාවිච්චි කරන්න – විදුලි ඇමැති කියයි

12 March 2019
in සංවර්ධන

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්ගේ ජල මට්ටම දිනෙන් දිනෙම අඩුවේගන යෑම හේතුවෙන් විදුලිය අරපරිස්සමෙන් භාවිතා කරන ලෙස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටි.

අමාත්‍යවරයා පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ විදුලිබල ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටළු පිළිබදව මාධ්‍ය දැනුවත් කරමින් කියා සිටියේ අපි තාප බලාගාර යොදා ගනිමින් තමයි මේ වන විට කටයුතු කරන්නේ බවත් අපට හදිසි විදුලිබලය මිලදී ගැනීමට අවශ්‍යතාවක් හෝ විදුලි මිල වැඩි කරන්න අවශ්‍යතාවක් නොමැති බවයි.

ඒ නිසා අරපරිස්සමෙන් විදුලිය පාවිච්චි කරන්න කියලා මම අපේ ලක්ෂ 65 ක් පමණ වූ විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙසේ වැඩිදුරටත් අදහස් පල කර සිටියේය ” විදුලි පාරිභෝගික ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ එක් දිනකට විදුලි බල්බ දෙකක් නිවා දමලා, විදුලිය ඉතිරි කරන්න කියලා. මේ තුළින් දිනකට මෙගාවොට් 100 ක් පමණ ප්‍රමාණයක් ඉතිරි කරගන්න හැකියාව ලැබෙනවා. අරපරිස්සමෙන් විදුලිය පාවිච්චි කරන්න ඕන යුගයක් ඇවිත් තිබෙන්නේ. අපි කිසිසේත්ම විදුලි කප්පාදුවකට යන්න දෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් අවශ්‍ය සහයෝගය අපට ලබාදෙන්න” මේ දිනවල ඉතා අධික විදුලි ඉල්ලුමක් තිබෙනවා. මේ තත්ත්වය තවත් මාස 1 ½ ක් පමණ ඉදිරියට පවතී කියලා හිතනවා. බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ට ලැබෙන වැස්සත් මේ කාලයේ ඉතා අඩුයි. නමුත් ජනතාවට අඛණ්ඩ විදුලි සේවයක් සපයන්න අපි අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටිනවා. අපේ ලංවිම දක්ෂ ඉංජිනේරුවරුන් සහ අත්දැකීම් සහිත කාර්ය මණ්ඩලය එකතුවෙලා මේ තත්ත්වය සමබරව පවත්වාගෙන යන්න අවශ්‍ය පියවර ගන්නවා. වසර 10 ක පමණ තිස්සේ, මේ රටේ විදුලි අවශ්‍යතාවන්ට සරිලන පරිදි විදුලි ජනන පද්ධතයක් ඉදිකරලා නැහැ. අපිට කරන්න පුළුවන් පොඩිම දේ තමයි, තමන්ගේ නිවසේ විදුලි බල්බ දෙකක් නිවා දමා විදුලිය ඉතිරි කිරීම. ඒ තුළින් ජනතාවගේ ප්‍රශ්නයත්, රටේ ප්‍රශ්නයත් විසදෙනවා.

Post Views: 9
Previous Post

මාළඹේ – කොටුව සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීමේ ණය ගිවිසුමට අත්සන් තැබේ

Next Post

සීතල ද? අයවැය… දුණුසුම්ද? … ඡන්දය…

editor

editor

Next Post

සීතල ද? අයවැය... දුණුසුම්ද? ... ඡන්දය...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved