• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අසනීප නිසා ගෝඨාගේ නඩුව කල්යයි

19 June 2019
in දේශීය

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට විදෙස්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට දුන් කාලය ලබන මස 24 දක්වා දීර්ඝ කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (19) නියෝග කර තිබේ.

ඒ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන 33යි දශම 9ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු 07 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුව කැදවූ අවස්ථාවේදීයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි කියා සිටියේ පසුගිය මැයි මස 31 වනදා සිංගප්පූරුවේ රෝහලකදී තම සේවාදායකයාට හෘද සැත්කමක් සිදුකර ඇති බවත් පසුගිය 09 වනදා ඔහු එම රෝහලෙන් නික්ම ගොස් ඇති බවත් සති 06ක කාලයක් පුනරුත්ථාපන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නිර්දේශ කර ඇති බවත්ය.

ඒ අනුව මෙම නඩුව කල් දමන ලෙස නීතිඥවරයා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විරුද්ධත්වයක් ප්‍රකාශ නොකළ අතර ඒ අනුව මෙම නඩු විභාගය ලබන මස 26 වනදා දක්වා කල් තැබීමටයි විනිසුරු මඩුල්ල නියෝග කළේය.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂගේ සමීපතයෙකු අප වෙත කියා සිටියේ මේ වන විට ඔහුගේ ශරීර තත්ත්වය යහපත්ව ඇති බවයි. 

 

Post Views: 9
Previous Post

කබීර් සහ හලීම් නැවත ඇමැති ධුරවලට

Next Post

තවලම රුපියල් ලක්ෂ 1,148ක ව්‍යාපෘතිය  21 වනදා ජනතා අයිතියට

editor

editor

Next Post

තවලම රුපියල් ලක්ෂ 1,148ක ව්‍යාපෘතිය  21 වනදා ජනතා අයිතියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved