• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩුව අසාර්ථකයි ! – මහලේකම් රංජිත් කියයි

3 March 2020
in දේශීය

ජනතාවගේ සහාය නොලබන ඇතැම් පිරිස් විසින් සමගි ජන බලවේගය සන්ධානයට හානි කරන ප්‍රකාශ සිදු කරන බව එම සන්ධානයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

අද (03) පස්වරුවේ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ තම පක්ෂය මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව මගින් පිළිගත් පක්ෂයක් බවට තහවුරු වි ඇති බවයි.

ඇතැම් පිරිස් විසින් සමගි ජන බලවේගය පක්ෂය ලියාපදිංචි නොවු පක්ෂයක් ලෙස පවසා සිටින බවත් එවැනි අසත්‍ය ප්‍රකාශවලට රැවටෙන්නට එපා යැයි ඔහු කියා සිටියේය. එසේම තමා මෙන්ම මෙම සන්ධානයේ සිටින බහුතරයක්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් බවත් එක්සත් ජාතික කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් අනුමැතිය මගින් බිහි වු සන්ධානය මෙය බව ද හෙතෙම පැහැදිලි කළේය.

කෙසේ වෙතත් ඉදිරියේදී නාමයෝජනා සඳහා කැඳවිම් සිදු කරන අතර සන්ධානයට සම්බන්ධ වි සිටින පක්ෂවල දිස්ත්‍රික්ක මට්ටමට අදාළ නාම යෝජනා ලබා දීමට කටයුතු කරන බව ද මහලේකම්වරයා ප්‍රකාශ කළේය.

එසේම මෙම සන්ධානයේ නාම යෝජනා ලබා දෙන්නේ කිසිදු චෝදනාවකට ලක් වු නොමැති පිරිසට පමණක් බව හෙතෙම පැවසිය. එසේම සමගි ජන බලවේගයට එක්වන්නට කැමැති ඕනෑම අයෙකුට නාමයෝජනා සඳහා ඉල්ලුම් කරන මෙන් මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම වත්මන් ආණ්ඩුව අසාර්ථක අසමත් බවත් තම ආණ්ඩුව කාලයේදි දින 100ට කල කිසිදු දෙයක් වත්මන් ආණ්ඩුවට කරන්නට හැකි නොවු බව හෙතෙම කියා සිටියේය. යහපාලන ආණ්ඩුව කාලයේදි දින 100 කාලයේදී බඩු මිල අඩු කලා සේම, වැටුප් වැඩි කිරීමටත් හැකි වු බව ඔහු අනාවරණ කළේය. නමුත් වත්මන් ආණ්ඩුව යටතේ බඩු මිල ඉහල ගොස් ඇති අතර ඒ තුළින් පැහැදිලි වන්නේ වත්මන් ආණ්ඩුව අසමත් බව මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

Post Views: 6
Previous Post

ජනතාව බලා ඉන්නේ මහ මැතිවරණයේදී ‘උකුස්සන් සහ කටුස්සන්’ ගෙදර යවන්නයි – ඇමැති විමල්

Next Post

SLFP සහ SLPP මැතිවරණයට එන්නේ පොහොට්ටුව ලකුණින්

editor

editor

Next Post

SLFP සහ SLPP මැතිවරණයට එන්නේ පොහොට්ටුව ලකුණින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved