• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආසියාවේ බලය යටපත් කිරීමට කිසිදු පාර්ශවයකට ඉඩ නොදිය යුතුයි – ජනපති

15 June 2019
in දේශීය

ඉදිරි සියවස ආසියාවේ සියවස ලෙස ආසියාකරයේ සාමයත්, ආර්ථික ශක්තියත් සෑම අතින්ම බලවත් විය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. එමෙන්ම ආසියාවේ බලය යටපත් කිරීමට වෙනත් කිසිදු බාහිර බලවේගයකට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05වන සමුළුව අද (15) පෙරවරුවේ ටජිකිස්ථානයේ, දුෂාන්බේ Navruz සම්මන්ත්‍රණ ශාලවේ දී අභිමානවත්ව ආරම්භ කෙරිණි.

සමුළු සභාපති, ටජිකිස්ථාන ජනාධිපති එමොමාලි රාමොන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු සමුථවට චීන ජනාධිපති ෂී ජින් පින්, රුසියා ජනාධිපති ව්ලැඞ්මිර් පුටින්, තුර්කි ජනාධිපති තයියීප් එර්දොවාන්, ඉරාන ජනාධිපති හසාන් රූහානි, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ඇතුථ ආසියාවේ බලවත් රටවල රාජ්‍ය නායකයන්ගේ සහ ප්‍රධාන පෙළේ නියෝජිතයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

ජනාධිපතිවරයා අද දහවල් සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කරනු ලැබිය. එම දේශනය පහත පරිදිවේ.

ඔබ සියලුදෙනාටම තෙරුවන් සරණයි, දෙවි පිහිටයි

මෙම සමුළුවේ සභාපතිත්වය දරන ටජිකිස්ථාන ජනාධිපති එමොමාලි රාමොන් මැතිතුමනි,

සියලුම ගෞරවනීය රාජ්‍ය නායකවරුනි,

සියලුම ආරාධිත අමුත්තනි, හිතවතුනි, මිත්‍රවරුනි,

CICA සමුළුව සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කිරීම පිළිබඳව පළමුවෙන්ම මගේ ගෞරවනීය ස්තුතිය මා පුද කරනවා. විශේෂයෙන්ම ආසියාතික රටවල සාමාජිකත්වය දරන CICA අනාගත ලෝකයට මුහුණදීම සඳහා ඉතාමත් හොඳ සංවිධානයක්. ලෝකයේ ඉදිරි සියවස ආසියාවේ සියවස ලෙසයි අපි කවුරුත් සලකන්නේ. ඒ නිසා අප CICA සමුළුව තුළින් යහපත් ලෝකයක් දිනා ගැනීමට සහ සාමයට කැපවිය යුතු වෙනවා.

සාමයට කැපවීමේ දී අප සියලුදෙනා තුළ තිබිය යුතු සමගිය සහ සහෝදරත්වය ඉතා බලවත්. පසුගිය අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මම මෙහිදී ඉතා වේදනාසහගතව සිහිපත් කරනවා. එම ත්‍රස්ත ප්‍රහාරය සමග ශ්‍රී ලංකාව තවමත් කටයුතු කරන්නේ එම අභියෝගය ජයග්‍රහණය කිරීම සඳහායි. ශ්‍රී ලංකා රජයටත්, අපගේ ආරක්ෂක හමුදාවලටත් ත්‍රස්තවාදය පරාජය කිරීමේ ශක්තිය පැහැදිලිව තිබෙනවා.

CICA සාමාජික රටවල් ලෙස මෙම ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සියලුදෙනාගේ සහෝදරත්වය සහ බැඳීම ඉතාමත් අවශ්‍යයි. ආසියාවේ බලය යටපත් කිරීමට වෙනත් බලවතුන්ට ඉඩ දෙන්න එපා කියලා මම මෙහිදී ඉල්ලා සිටිනවා. ඉදිරි සියවස ආසියාවේ සියවස ලෙස සාමයත් ආර්ථික ශක්තියත් සෑම අතින්ම බලවත් විය යුතුයි කියා මම විශ්වාස කරනවා. මේ සියලුදේට අවශ්‍ය වන්නේ අධි තාක්ෂණය තුළ සාමය ගොඩනැඟීමයි. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රටවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට CICA කැපවිය යුතුයි කියා මම විශ්වාස කරනවා.

මානව හිමිකම් කඩවන රටවල තිබෙන ස්වාධීනත්වයට හානිකරන්න එපා කියා මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. සෑම රටකම නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉතාමත් වැදගත්. රටවල නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීම හෝ රටවලට තර්ජන සහ බලපෑම් කිරීම කිසිවිටෙකත් සිදු නොවිය යුතුයි. CICA සාමාජික රටවල ආර්ථික සහ වෙළෙඳ ප්‍රතිපත්ති සෑමවිටම සරල විය යුතුයි. තිරසර සංවර්ධනය සඳහා කැපවී සිටින අප තිරසර සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා CICA ප්‍රතිපත්ති ශක්තිමත් කළ යුතුයි. ඒ නිසා ඔබ සියලුදෙනාගෙන්ම මා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ සමගිය ශක්තිය පෙරදැරිව CICA සමුළුව ඉදිරියට ගෙන යාමේ වැදගත්කමයි.

CICA සමුළුව ප්‍රධාන වශයෙන් අනාගත අභියෝග හඳුනාගැනීම අවශ්‍ය වෙනවා. ඒ තුළ අපට ඉදිරියට යාම වඩාත් පහසුයි. මේ සියල්ලටම අවශ්‍ය වන්නේ සමගිය. ඒ වගේම සාමය. සාමය තුළ තිරිසර සංවර්ධන ඉලක්ක සපුරාගැනීමට පුළුවන්. මෙහිදී කලාපීය සාමය ඉතාමත් වැදගත්. කලාපීය සමගිය ශක්තිමත් කිරීමට CICA අරමුණු ඉතා වැදගත් වේ යැයි මා විශ්වාස කරනවා.

ඒ වගේම සාමය වැදගත් වෙනවා දුගී භාවය තුරන් කිරීමට. සාමය දුගී භාවය තුරන් කිරීමට වැදගත් වගේම දුගී භාවය අවම කිරීමට ත්‍රස්තවාදය අවසන් කළයුතු වෙනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන් CICA අරමුණුවලදී සාමය සහ සමගිය ඉතා වැදගත්, ආර්ථික අරමුණු ශක්තිමත් කර ගැනීම ඉතාමත් වැදගත්. අනාගත සියවසේ දී ආසියාව සම්පූර්ණයෙන් දුගී බවෙන් තොර ආසියාවක් කර ගැනීමට අප සම්පූර්ණයෙන් කැපවිය යුතු වෙනවා. එම අරමුණු ඉටුකර ගැනීමට ඔබ අප සියලුදෙනා එක්ව කැපවෙමු යැයි මම සියලුදෙනාට ගෞරවයෙන් ආරාධනා කරනවා.

ස්තූතියි,

 

Post Views: 9
Previous Post

ඕනෑම මැතිවරණයකට අපි සුදානම් – විපක්ෂනායක කියයි

Next Post

පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අද(16) යෙදි තිබේ.

editor

editor

Next Post

පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අද(16) යෙදි තිබේ.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved