• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමරිකානු නීතිඥ සංගමයේ ශාඛාවක් ගැන අසත්‍ය දේ නොකියන්න – ඇමැතිනි තලතා

10 July 2019
in දේශීය

ශ්‍රී ලංකා නීති සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා 2019.07.05 දින ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත කරුණු දක්වමින් අධිකරණ අමාත්‍යවරිය වශයෙන් මා ඇමරිකානු නීතිඥ සංගමයේ ශාඛාවක් හෝ එයට අනුබද්ධ වෙනත් කිසිදු ආයතනයක් මෙරට පිහිටුවීමට මාගේ විරෝධතාවයක් නොමැති බවට කරන ලද ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියේය විෂයභාර අමාත්‍යවරිය වශයෙන් තමා එවැනි කිසිදු ආයතනයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා අනුමැතියක් ලබා දී නොමැති බවයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා මෙම කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ගරු ජනාධිපතිවරයා, ගරු අග්‍රාමාත්‍යවරයා විෂයභාර අමාත්‍යවරිය වශයෙන් මාගෙන් කිසිදු විමසීමකින් තොරව මෙරට විපක්ෂ නායකවරයා වෙත අසත්‍ය කරුණු දැක්වීමෙන් පෙනී යන්නේ ඒ මහතාගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් දීර්ඝ කාලයක සිට පැවතගෙන එන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කීර්ති නාමයට හානිකර ඇති බව අධිකරණ අමාත්‍යවරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ.

නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කිසිදු විමසීමකින් තොරව මෙවැනි අසත්‍ය ප්‍රකාශ කිරීම තුලින් සමස්ථ නීතීඥ සංගමයම හෑල්ලුවට භාජනය කර තිබෙන බව කණගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතුව ඇති බවත් තවද කිසිදු විමසීමකින් තොරව සිදු කරනු ලබන මෙවැනි අසත්‍ය ප්‍රකාශ තුලින් පොදු ජනතාව මුලා වන බව ද, එකී කරුණු අසත්‍ය බව හෙලිවීමෙන් නීතීඥ සංගමය කෙරෙහි පොදු ජනතාව තුල දීර්ඝ කාලයක සිට පැවති විශ්වාසවන්තභාවයට හානි වන බවද වැඩි දුරටත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.

මෙරට ජීවත් වන ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස අප මාතෘ භූමියට හානි විය හැකි හෝ යම් බලපෑමක් කළ හැකි හෝ කිසිදු කටයුත්තකට ගරු ජනාධිපතිතුමාද ගරු අගමැතිතුමාද මාද ඇතුළු අපගේ රජය කටයුතු නොකරන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිනු ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය

 

Post Views: 9
Previous Post

සීල් මාතා අධ්‍යාපන ආයතන පිරිවෙන් ඒකකයෙහි ලියාපදිංචි කිරීමට පියවර

Next Post

බිමත් රියදුරන් 1763 අත්අඩංගුවට

editor

editor

Next Post

බිමත් රියදුරන් 1763 අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved