• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇමරිකාවෙන් ශවේන්ද්‍රට පැන වු තහනම ගැන ඇමැති දිනේෂ්ගේ විරෝධය

17 February 2020
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සංචාරක සීමා පැනවීම සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ දැඩි විරෝධය පළකර තිබේ.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (16) යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ද එක්සත් ජනපද රජය විසින් සංචාරක සීමා පැනවීම පිළිබඳව ශ්‍රී ලංකාවේ දැඩි විරෝධය එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය වෙත නිල වශයෙන් දැනුම් දුන්නේය.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාගේ නිවේදනයෙන් අනතුරුව, ශ්‍රී ලංකා රජයේ ක්ෂණික ප්‍රතිචාරය පසුගිය සිකුරාදා දින 14 වනදා විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබුණි.

ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වයත්, ඔහුට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සනාථ කරන ලද හෝ ඔප්පු කර ඇති චෝදනා නොමැතිවීමත් සැලකිල්ලට ගනිමින් ලුතිනන් ජෙනරාල් සිල්වා මහතා එවකට රාජ්‍ය නායකයා විසින් යුද හමුදාපති ලෙස පත් කරන ලද බව අමාත්‍යවරයා සිය සාකච්ඡාවේ දී අවධාරණය කළේය. වත්මන් රාජ්‍ය නායක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහු වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට උසස් කරන ලද්දේ, ඔහු දැනට සේවයෙහි යෙදී සිටින ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා වන බැවිනි.

ලුතිනන් ජෙනරාල් සිල්වා මහතා දශකයකට පමණ පෙර ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු බව සඳහන් කළ අමාත්‍යවරයා, ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණා සම්බන්ධයෙන් ප්‍රධාන තනතුරු දැරීම සඳහා ප්‍රත්‍යක්ෂ ලෙස දන්නා විශේෂඥතාවයෙන් යුත් පුද්ගලයින් කැඳවීමට අදාලව ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපතිවරයෙකු සතු පරමාධිකාරිය පිළිබඳව විදේශ රජයක් ප්‍රශ්න කිරීම කනගාටුවට කරුණක් බව පැවසීය. මෙම ක්‍රියාව මඟින් එක්සත් ජනපද-ශ්‍රී ලංකා සබඳතාවය අනවශ්‍ය ව්‍යාකූලත්වයකට පත්කරන කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙසේ නියම කරනු ලැබීම ස්වාධීනව සත්‍යාපිත තොරතුරු මත නොව, බොහෝ මතභේදාත්මක 2015 ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ විමර්ශන වාර්තාව මත පදනම් වූවක් බව දැනගැනීමෙන් අනතුරුව, එම තොරතුරු මූලාශ්‍රවල සත්‍යතාව තහවුරු කර ගන්නා ලෙස අමාත්‍යවරයා එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේය.

එක්සත් ජනපද රජයේ තීරණය සමාලෝචනය කරන ලෙස විදේශ සබඳතා අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා රජය සැලකිලිමත් වන කරුණු පිළිබඳව වොෂිංටන් ඩීසී වෙත දැනුම් දෙන බව තානාපති ටෙප්ලිට්ස් මැතිනිය දැන්වූ අතර, ආරක්ෂක ක්‍ෂේත්‍රය ඇතුළුව ශ්‍රී ලංකාව සමඟ දැනට සිදුකෙරෙමින් පවතින සියලු සහයෝගිතා පැතිකඩ සහ ඒවායෙහි ව්‍යාප්තිය සහතික කිරීම සඳහා එක්සත් ජනපද රජයේ අඛණ්ඩ කැපවීම අවධාරණය කළාය.

විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, උතුරු ඇමරිකා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන එම්. පෙරේරා මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් අමාත්‍යවරයා සමඟ මෙම රැස්වීමට සහභාගී වූහ. නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී මාටින් කෙලී මහතා ද එක්සත් ජනපද තානාපතිවරිය සමඟ මෙම රැස්වීමට එක්විය.

 

 

 

දිලිනි සමන්මලි 

 

 

 

 

 

Post Views: 6
Previous Post

නව පක්ෂ ලියාපදිංචි කිරීමේ අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

Next Post

ජනපති ගෝඨාභය ගැන ජනතාවට විශ්වාසයි – රාජ්‍ය ඇමැති නිමල් කියයි

editor

editor

Next Post

ජනපති ගෝඨාභය ගැන ජනතාවට විශ්වාසයි - රාජ්‍ය ඇමැති නිමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

16 January 2026
ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

16 January 2026
විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

16 January 2026
අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

16 January 2026

Recent News

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

16 January 2026
ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

16 January 2026
විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

16 January 2026
අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

16 January 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

16 January 2026
ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

16 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved