27 April 2024
#දේශීය

නව පක්ෂ ලියාපදිංචි කිරීමේ අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත්‍ර භාරගැනීමේ කටයුතු අද(17) පස්වරු 4 පසුව අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව සඳහන් කළේ මේ වනවිට අයදුම්පත්‍ර 70ක පමණ ප්‍රමාණයක් ලැබී ඇති අතර ඒවායින් බොහෝමයක් අසම්පුර්ණ අයදුම්පත් බවයි.

එසේම අද දිනයේදී එම අයදුම්පත් නිවැරදිව සම්පුර්ණ කර මැතිවරණ කොමිෂන් සභාව වෙත රැගෙනවිත් භාරදීමට කටයුතු කරන ලෙස ඔවුන්ට ඉල්ලීමක් කර සිටි.

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ කටයුතුවලට අදාළ අයදුම්පත් භාර ගැනීම ජනවාරි මස 17 වන දිනෙන් ආරම්භ විය.

 

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *