• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇස්ට්‍රාසෙනිකා මීළඟ තොගය ලබන සෙනසුරාදා – ජපාන තානාපති කියු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

2 August 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා (Yoshihide Suga) පෞද්ගලිකවම කළ ඉල්ලීම පරිදි ජපාන රජයෙන් පරිත්‍යාග කෙරෙන ඇස්ට්‍රාසෙනිකා මීළඟ එන්නත් තොගය ලබන සෙනසුරාදා (07) දිවයිනට රැගෙන ඒමට නියමිත බව ජපාන තානාපති, අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පසුගිය සෙනසුරාදා (ජූලි 31) පස්වරුවේ රැගෙන ආ ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදෙමින් ජපාන තානාපතිවරයා මේ බව පැවසීය.

මෙරට ජනතාවගේ ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවේ අවශ්‍යතාව වෙනුවෙන් ජනාධිපතිවරයා ජපාන අග්‍රාමාත්‍යවරයාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් හා දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සනිටුහන් කරමින් ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් මෙම එන්නත් මාත්‍රා මිලියන 1.456ක තොගය මෙරටට ලබාදීමට තීරණය කළ බව අකිරා සුගියාමා මහතා සඳහන් කළේය.

එහි පළමු තොගය ලෙස එන්නත් මාත්‍රා 728,460ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 455 දරණ ගුවන් යානයෙන්, කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබිණ. ඊයේ (01) සිට බස්නාහිර පළාතේ තෝරාගත් මධ්‍යස්ථාන 20කදී මෙම ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව එන්නත් කිරීම ආරම්භ කෙරිණ.

එන්නත් තොගය ලැබී පැය කිහිපයක් ඇතුළත එන්නත්කරණයට යෙදවීම හා ශ්‍රී ලංකාවේ සමස්ත එන්නත්කරණ වැඩපිළිවෙළත්, ඊට ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත් වීම, මෙහෙයවීම සහ ලබාදෙන නායකත්වය ජපාන තානාපතිවරයාගේ හා ලෝක සෞඛ්‍ය සහ යුනිසෙෆ් සංවිධානවල මෙරට නියෝජිතයින්ගේ විශේෂ පැසසුමට ලක් විය.

පසුගිය මැයි මාසයේ තමා පෞද්ගලිකවම ජපාන අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර දක්වමින් ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය පරිත්‍යාග කිරීම පිළිබඳ ජනාධිපතිතුමා රජයේත්, ශ්‍රී ලංකා ජනතාවගේත් විශේෂ ස්තූතිය ජපාන අග්‍රාමාත්‍යවරයාට, ජපාන රජයට සහ ජපාන තානාපතිවරයාට පළ කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත අලකා සින්ග් (Alaka Singh), යුනිසෙෆ් සංවිධානයේ නියෝජිත එමා බ්‍රිගම් (Emma Brigham), ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් චිහාරු හෝෂිආයි (Chiharu Hoshiai), දෙවන ලේකම් සෙයියා නිනෝමියා (Seiya Ninomiya), ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

 

Japanese Ambassador Akira Sugiyama says following the personal request of President Gotabaya Rajapaksa to the Prime Minister of Japan Yoshihide Suga, the next batch of AstraZeneca vaccines donated by the Government of Japan will arrive in the island next Saturday (07).
The Japanese Ambassador made this remark while officially handing over the stock of AstraZeneca which was brought down to Sri Lanka last Saturday (July 31), to the President at the Presidential Secretariat this morning (August 2).
Mr. Sugiyama added that the Prime Minister of Japan has decided to provide 1.456 million doses of the vaccine to Sri Lanka after paying special attention to the President’s personal request to the Prime Minister to fulfill the need for the second dose of AstraZeneca in Sri Lanka, and in recognition of long-standing friendship between the two countries.
The first consignment of 728,460 vaccine doses was sent to the Bandaranaike International Airport, Katunayake by SriLankan Airlines flight UL-455. The administering of AstraZeneca second dose began at 20 selected centres in the Western Province from yesterday (01).
The Japanese Ambassador and the Country Representatives of the World Health Organisation and UNICEF commended the entire vaccination programme in Sri Lanka, the commencement of the vaccination drive within a few hours of receiving the vaccine consignment, and the President’s direct involvement, guidance and leadership in the vaccination programme.
The President expressed special thanks for the Japanese Prime Minister, the Government of Japan and the Ambassador of Japan on behalf of the Government and the people of Sri Lanka, for donating the stock of AstraZeneca COVID-19 vaccines, in response to a request made by him personally to the Prime Minister of Japan last May.
The World Health Organization’s (WHO) Representative in Sri Lanka, Dr Alaka Singh, UNICEF Representative Emma Brigham, the First Secretary to the Embassy of Japan, Chiharu Hoshiai, Second Secretary Seiya Ninomiya, Secretary to the President P.B. Jayasundera, Senior Advisor to the President Lalith Weeratunga and Foreign Secretary Admiral Jayanath Colombage were also present.
 

 

Post Views: 1
Previous Post

PBට කොවිඩ් ඉවර වුනාට අපිටනම් ඉවර නෑ – රවී කුමුදේශ්

Next Post

SLT-MOBITEL Bizchat වෙතින් ෆේස්බුක් චැට්බොට් සේවාවක්

editor

editor

Next Post

SLT-MOBITEL Bizchat වෙතින් ෆේස්බුක් චැට්බොට් සේවාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025

Recent News

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved